Sunday, August 4, 2013

මිහිකතේ ගීතය

ජනබැති එයාට මතක දන්නා ඉතිහාසය ගැන මෙනෙහි කිරීමක් කලා. අපේ රට කොච්චර අඳුරු යුග හරහා ගිහින් තියනවාද? මිනිස්සුන්ට අපේ රටේ වටිනාකම තවම තේරුමක් නැහැ නේද කියන එක අපිටම වැටහෙනවා නේද? දේශපාලනය ඕන වුනේ රට පාලනය කරන්න. රටේ පොදු අරමුණු මුදුන් පමුනවාගන්න, සමගිය සාමය, වගේ දේවල් ආරස්සා කරගන්න. ඒ වුනාට අද ඒ වගේ අර්ථ දැක්වීමක් දේශපාලනයට නෑ. විශේෂයෙන්ම උඹල අපේ ගමේ ගොඩේ දේශපාලනයට ඒවා ඇත්තෙම නෑ. මොකද දැන් ගමේ නගරේ වෙනසක් නෑ උඹල අපිල ඔක්කොම රට=දේශපාලනය කියන ඉස්තාවරයේ ඉන්නේ. අපි කොච්චර වෙනස් වෙලාද?සියැටල් කියල රතු ඉන්දියන් නායකයෙක් ඇමරිකාව තමන්ගේ නිජබුමිය වෙන්නේ කොහොමද කියල ලියල තියෙනවා. ඒ මහා ප්‍රකාශයට උචිත ඇත්තම නම "මිහිකතේ ගීතය" කියල මට හිතෙනවා. රටට ආදරය කරන්නේ කොහොමද කියල මේක කියවල ඉගෙන ගන්න(http://www.wildsnow.com/articles/chief_seattle/chief_seattle.html). මේකේ සිංහල පරිවර්තනය 11 වසරේ සිංහල පොතක තියෙනවා. කියවල බලන්න. මිනිස්සු ඉපදෙනවා මැරෙනවා උපතින් ඇඳුමක්වත් ගෙනාවේ නැති උඹල අපිලට පක්ෂ කොහින්ද? දේශපාලනේ කියන්නේ විෂයක්, ක්‍රමයක්,පොදුජනතාවගේ සම්මතයක්, සම්මුතියක් ඒ ඇරෙන්න දේශපාලනේ මහා අසිරියක් නෑ.අපි මොන දේශපාලනේ කලත් ඒ කිසිමදෙයක් අරන් යන්න බෑ.

Friday, August 2, 2013

වතුර හා ලේ

හමුදා වෙඩි පහරකින් අහිංසක මිනිසුන් 2 මියගොසින්. ඉතාම කණගාටුදායක ප්‍රශ්නයක් හා අවස්ථාවක්. ඒ වගේම සුපුරුදුලෙසම පක්ෂදෙෂපලනයේ බංකොලොත් ගැත්තන්ට මරණ දෙක රජ මගුලක්. ජල ප්‍රශ්නය කියන එක අද ඊයේ ඇතිවෙච්ච එකක් නොවේ. වතුර විතරක් නෙවේ රටේ තියෙන ප්‍රශ්නේ. තව ප්‍රශ්න තියෙනවා අලුත්ම දැවෙන ප්‍රශ්නය ජනකොටසකට. ඒ වගේම දෙස්පල්ලන්ගේ අලුත්ම රඟන ප්‍රශ්නෙත් මේකමයි. වතුර නැති අහිංසකයන්ට තියෙන්නේ තිබහ හා සම්භන්ද ප්‍රශ්නයක් බොන්න, කන්න,සෝදන්න තියෙන ප්‍රශ්නයක් දේශපාලකයන්ට පෙනෙන්නේ,පෙන්වන්නේ දේශපාලන පක්ෂ ගැන ප්‍රශ්නයක්. මර්වින් අන්කල් ගේ පුතා ගුටි කාපු ප්‍රශ්නය නැත්නම් සිද්දිය මුළු සමාජයම හිතුවේ මේ සතියේ මාධ්‍ය, දේශපාලන මහා ප්‍රශ්නය කියල. ජනමාධ්‍යවලින් මැරිච්ච අසරණ එවුන්ගේ ආත්ම උණුකැවුම් කරලා විකුනනවා. එකෙක්වත් හිතන්නේ නෑ අර අසරණයන්ගේ මළගෙදර කූල් බීම ටිකක්වත් දෙන්න වතුර තියෙනවද කියල. ඒ වුනාට එක එකා දේශපාලන වාසි තකා මඩ කෙලගන්නවා. කව්ද වෙඩි තිබ්බේ? මොකක්ද වෙඩිල්ල පත්තුවෙන්න හේතුව? කව්ද අණ කලේ? මොනවගේ තත්වයක්ද එතන ඇතිවී තිබුනේ? කව්රුත් දන්නේ නෑ. ටී වී එකේ උනුකවුම් වීඩියෝ කැල්ලක් විතරයි පෙන්නන්නේ. ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එකනේ උපවාස, උද්ගෝෂණ, ගල්ගැසිම. මේ වගේ වැඩ වලට උල්පන්දම් දීපු එවුන් ගැනත් ඔය ජනමද්‍යවල දාන්න ඕන. මේ වෙඩි තැබීමට හේතුව, කව්ද කියන එක හොයන්න ඕන. කරපු අයට 100% උපරිම දඬුවම් දෙන්න අනිවාර්යයි. ඒ වගේම තමන්ගේ නගරයේ ප්‍රශ්නයක් මේ වගේ උද්ගෝෂණ ව්‍යාපාරයකින් ගොඩ දාමු කියල උල්පන්දම් දීපු මහා ගොන් රජාවත් හොයාගැනීම ඉතා වැදගත්. ඒ වගේම රබර් උණ්ඩ යොදා නොගැනීම, නිරායුද ජනයාට වෙඩි තැබීම කල එකාවත් අල්ලගන්න ඕන. ආ අනික වතුර දෙන එක කෙරෙන එකක් නෑ මොකද ඔය කෑගහන එවුන් කෑගහන්නේ අපේ අහිංසක එවුන්ගේ තිබහ ගැන දුකට නෙවේ. අයිතියක් දිනන්නත් මුලින් බලන්න ඔක්කොම සාමකාමී වැඩ කරලා. එක එකාගේ උසිගැන්නුම් වලට යටවෙන්නත් එපා. ඊළඟට ඔව්න් ඔක්කොම එන්නේ මිනීපෙට්ටිය කරගහගෙන කරන උද්ගෝශනේ කරන්න. පොඩ්ඩක් උන්ගෙනුත් පරිස්සම් වෙන්න ඕන. ඔය වව්ලෝ ඔහොම තමා. මේ අහිංසක මිනිසුන්ගේ ජල ප්‍රශ්නය විසදේවා.