Sunday, August 4, 2013

මිහිකතේ ගීතය

ජනබැති එයාට මතක දන්නා ඉතිහාසය ගැන මෙනෙහි කිරීමක් කලා. අපේ රට කොච්චර අඳුරු යුග හරහා ගිහින් තියනවාද? මිනිස්සුන්ට අපේ රටේ වටිනාකම තවම තේරුමක් නැහැ නේද කියන එක අපිටම වැටහෙනවා නේද? දේශපාලනය ඕන වුනේ රට පාලනය කරන්න. රටේ පොදු අරමුණු මුදුන් පමුනවාගන්න, සමගිය සාමය, වගේ දේවල් ආරස්සා කරගන්න. ඒ වුනාට අද ඒ වගේ අර්ථ දැක්වීමක් දේශපාලනයට නෑ. විශේෂයෙන්ම උඹල අපේ ගමේ ගොඩේ දේශපාලනයට ඒවා ඇත්තෙම නෑ. මොකද දැන් ගමේ නගරේ වෙනසක් නෑ උඹල අපිල ඔක්කොම රට=දේශපාලනය කියන ඉස්තාවරයේ ඉන්නේ. අපි කොච්චර වෙනස් වෙලාද?සියැටල් කියල රතු ඉන්දියන් නායකයෙක් ඇමරිකාව තමන්ගේ නිජබුමිය වෙන්නේ කොහොමද කියල ලියල තියෙනවා. ඒ මහා ප්‍රකාශයට උචිත ඇත්තම නම "මිහිකතේ ගීතය" කියල මට හිතෙනවා. රටට ආදරය කරන්නේ කොහොමද කියල මේක කියවල ඉගෙන ගන්න(http://www.wildsnow.com/articles/chief_seattle/chief_seattle.html). මේකේ සිංහල පරිවර්තනය 11 වසරේ සිංහල පොතක තියෙනවා. කියවල බලන්න. මිනිස්සු ඉපදෙනවා මැරෙනවා උපතින් ඇඳුමක්වත් ගෙනාවේ නැති උඹල අපිලට පක්ෂ කොහින්ද? දේශපාලනේ කියන්නේ විෂයක්, ක්‍රමයක්,පොදුජනතාවගේ සම්මතයක්, සම්මුතියක් ඒ ඇරෙන්න දේශපාලනේ මහා අසිරියක් නෑ.අපි මොන දේශපාලනේ කලත් ඒ කිසිමදෙයක් අරන් යන්න බෑ.

Friday, August 2, 2013

වතුර හා ලේ

හමුදා වෙඩි පහරකින් අහිංසක මිනිසුන් 2 මියගොසින්. ඉතාම කණගාටුදායක ප්‍රශ්නයක් හා අවස්ථාවක්. ඒ වගේම සුපුරුදුලෙසම පක්ෂදෙෂපලනයේ බංකොලොත් ගැත්තන්ට මරණ දෙක රජ මගුලක්. ජල ප්‍රශ්නය කියන එක අද ඊයේ ඇතිවෙච්ච එකක් නොවේ. වතුර විතරක් නෙවේ රටේ තියෙන ප්‍රශ්නේ. තව ප්‍රශ්න තියෙනවා අලුත්ම දැවෙන ප්‍රශ්නය ජනකොටසකට. ඒ වගේම දෙස්පල්ලන්ගේ අලුත්ම රඟන ප්‍රශ්නෙත් මේකමයි. වතුර නැති අහිංසකයන්ට තියෙන්නේ තිබහ හා සම්භන්ද ප්‍රශ්නයක් බොන්න, කන්න,සෝදන්න තියෙන ප්‍රශ්නයක් දේශපාලකයන්ට පෙනෙන්නේ,පෙන්වන්නේ දේශපාලන පක්ෂ ගැන ප්‍රශ්නයක්. මර්වින් අන්කල් ගේ පුතා ගුටි කාපු ප්‍රශ්නය නැත්නම් සිද්දිය මුළු සමාජයම හිතුවේ මේ සතියේ මාධ්‍ය, දේශපාලන මහා ප්‍රශ්නය කියල. ජනමාධ්‍යවලින් මැරිච්ච අසරණ එවුන්ගේ ආත්ම උණුකැවුම් කරලා විකුනනවා. එකෙක්වත් හිතන්නේ නෑ අර අසරණයන්ගේ මළගෙදර කූල් බීම ටිකක්වත් දෙන්න වතුර තියෙනවද කියල. ඒ වුනාට එක එකා දේශපාලන වාසි තකා මඩ කෙලගන්නවා. කව්ද වෙඩි තිබ්බේ? මොකක්ද වෙඩිල්ල පත්තුවෙන්න හේතුව? කව්ද අණ කලේ? මොනවගේ තත්වයක්ද එතන ඇතිවී තිබුනේ? කව්රුත් දන්නේ නෑ. ටී වී එකේ උනුකවුම් වීඩියෝ කැල්ලක් විතරයි පෙන්නන්නේ. ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එකනේ උපවාස, උද්ගෝෂණ, ගල්ගැසිම. මේ වගේ වැඩ වලට උල්පන්දම් දීපු එවුන් ගැනත් ඔය ජනමද්‍යවල දාන්න ඕන. මේ වෙඩි තැබීමට හේතුව, කව්ද කියන එක හොයන්න ඕන. කරපු අයට 100% උපරිම දඬුවම් දෙන්න අනිවාර්යයි. ඒ වගේම තමන්ගේ නගරයේ ප්‍රශ්නයක් මේ වගේ උද්ගෝෂණ ව්‍යාපාරයකින් ගොඩ දාමු කියල උල්පන්දම් දීපු මහා ගොන් රජාවත් හොයාගැනීම ඉතා වැදගත්. ඒ වගේම රබර් උණ්ඩ යොදා නොගැනීම, නිරායුද ජනයාට වෙඩි තැබීම කල එකාවත් අල්ලගන්න ඕන. ආ අනික වතුර දෙන එක කෙරෙන එකක් නෑ මොකද ඔය කෑගහන එවුන් කෑගහන්නේ අපේ අහිංසක එවුන්ගේ තිබහ ගැන දුකට නෙවේ. අයිතියක් දිනන්නත් මුලින් බලන්න ඔක්කොම සාමකාමී වැඩ කරලා. එක එකාගේ උසිගැන්නුම් වලට යටවෙන්නත් එපා. ඊළඟට ඔව්න් ඔක්කොම එන්නේ මිනීපෙට්ටිය කරගහගෙන කරන උද්ගෝශනේ කරන්න. පොඩ්ඩක් උන්ගෙනුත් පරිස්සම් වෙන්න ඕන. ඔය වව්ලෝ ඔහොම තමා. මේ අහිංසක මිනිසුන්ගේ ජල ප්‍රශ්නය විසදේවා.

Wednesday, July 31, 2013

ඉරිදා පත්තර

විවේකයක් නොමැති වෙලාවක වුනත් ඉරිදා දිවයින පත්තරේ විශේෂාංග කොටස් කීපයක් කියවන්න හිතුන. පුරුදු විදියටම මුලින්ම හිත ගියේ මහාචාර්ය නලින් ද සිල්වා මහත්තයාගේ අදහස් වෙතටයි. නලින්ද සිල්වා මහත්තය කියන එක දෙයක් මටත් පසක් වෙලා වැඩි දොහක් ගෙවිල නෑ. ඒ මක්කැයි කියල දැන් ලියන්නම් අපි බෞද්ධයෝ විදියට දකින රට නෙවේ ඉන්දියාව. බෞද්ධයෝ දකින්නේ දඹදිව. නමුත් අද දේශපාලන සිතියමේ තියන ඉන්දියාව කියන රට අපේ රට ලංකා ද්වීපය විදියට දකින්නේ නෑ. පුදුමෙකුත් නෑ. අපේ බුදුහාමුදුරු ශ්‍රී මුඛය පුරාවට බන දේශනා කරලා, පාද යාත්‍රාවෙන් ගමෙන් ගම ගිහින් බුද්ධ සාසනේ පිහිටවපු රටේ අද බුද්ධාගම කියල තියෙන්නේ අපේ රටේ, තායිලන්තේ හාමුදුරුවරු ආරස්සා කරගෙන යන බුද්ධ සාසනේ ටිකකුයි, අපේ සාසනේ පුරාණ කෞතුක වටිනාකමක් තියෙන දේවලුයි විතරයි. එකේ වටිනාකම තියෙන්නෙත් ලංකාවේ බෞද්ධයන්ට. අනගාරික ධර්මපාල තුමාලා වගේ මිනිස්සු අපේ බුදුහාමුදුරුවන්ගේ සාසනේ, උන්නාන්සේගේ සඟ පරපුර දිවිහිමියෙන් රකින්න ඉදිරිපත් වෙනවා තුන්කල් දක්නා නුවනට පෙනෙන්න ඇති. එකනේ සතරවරම් දෙවිවරුන්ට සාසනයත්, ලංකාවත් භාරකලේ ආරස්සා කරන්න. හැබැයි එකට ඉන්දියාවේ මිත්‍යාදෘෂ්ටික සනුහරේ බුද්ධගයාවට පහුගිය දවසක බෝම්බත් ගැහුවා. නොදකින්! අනේ අපේ සාසනේ ඔය බලු වැඩවලින් වනසන්න බෑ. ඔයවගේ පර වැඩ කරපු තලේබාන් එවුන්ට පටිසන්දුන්න, බුදුපිළිම කඩපු පව. ඕවටත් ප්‍රතිපල තියේවි. ඉන්දියාවේ ජටා මුත්තා කියනවලු ආරක්ෂක රහස් තොරතුරු අනුව මේක මුස්ලිම් අයගේ වැඩක් කියල. ආචාර්ය උපාධි ගහපු ඒ ගොන් මුත්තට තේරෙන්නේ නෑ මේකට අපේ කොටිහැත්තයි, කරුණානිදි මුත්තයිත් සම්බන්ද වෙන්න බැරි නෑ කියල. ඔය කරුනනිධිල, ගාන්දිල කිරිපොවපු පර කොටි නෙවේද ශ්‍රී මහබෝදියට වෙඩි තිබ්බේ, දළදා මාලිගෙට බෝම්බ ගැහුවේ, හාමුදුරුවරු, උපාසක උපාසිකාවෝ මැරුවේ? මේවා අමතක කරන්න හොඳ නෑ. අපිට ඉතිහාස පාඩම් අමතක වෙන්න හොඳ නෑ. රජිව් ගාන්දි වගේ මේ රට ගුවන්තොටුපලට පරිප්පු හලලා, ඉන්දුලංකා ගිවිසුම් ගහල මේ රට අපහසුතාවට පත්කරපු මෝඩ නායක රැළම තමා දැනුත් පාලකයෝ. එවුන් මාරම දේශප්‍රේමින් කියන්නේ ගාන්ධි මරපු කොටින්ට කිරිපොවපු, දැනුත් කිරිපොවන කරුණානිධිලා තවමත් ජටා මුත්තල හුරතල් කරනවා. අනේ උන්ට එහෙව් කොටි හොඳනම්, මට ගාන්ධිගේ ඔලුවට ගහන්න ගිය එකා ඇත්තටම හොඳයි. ඔය ඉන්දියාවේ දේශපාලකයෝ අපිට බොරු මුහුණ පෙන්වන්නේ.
ඊට අමතරව තිබුන අනුවෙදනීයම කතාව තමා 1815 නිදහස් කැරැල්ල තිබුණ ස්ථානයට වෙලා තියෙන දේ. වල්බිහිවෙලනොව. අපේ හුගක් එවුන්ට මැක් ඩොනල්ඩ්ස් එකේ සමරන්න දේවල් තියෙනවා, හිතපල්ලා ඒ වගේම නිදහස සමරන්න වටිනා තැනක් තමා 1815 කැරැල්ල ඇතිවෙච්ච තැන. බලධාරියෝ, මිනිස්සු හැමෝම මේවා බලන්න, දැනගන්න ඕන. ආගම රන්විමනක් වේ ජාතිය මිනිපහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් උනොත් ලක් පුත්තුම වේ!

Tuesday, July 30, 2013

අපේ සමහර මිනිස්සු ගැන

අපේ සමහර මිනිස්සු ගැන!.
කියන්න මහා ගොඩක් දේවල් තිබුනට හැදෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති අය කියන අලුත් පරාජිත කතා කීපයක් කියන්නම්. මේ දවස් වල පාලු ඉඩම් වල, පා රදෙපස කුණු දදා තිබුන තැන් වල පෙනුම පොඩ්ඩක් වෙනස් කරලා අලුතෙන් වැඩ වගයක් යනවා. මේ තැන් වල මිනිස්සුන්ට නිදහසේ ඉඳගෙන ඉන්න පුළුවන් ඇවිදින්න පුළුවන් සෙලල්ලම් කරන්න පුළුවන් තැන හදනවා. සමහර ඒවායේ විනෝදෙන් ඇවිදින, සෙල්ලම් කරන ගමන්, විවේක ගන්න ගමන් හිතනවා මේ මොන කාලකන්නි වැඩක්ද? කරලා තියෙන්නේ කියෙල. සමහර අය කියනවා නිකන් සල්ලි නාස්ති කලා කියල. මිනිස්සුන්ට නිදහසේ ඉන්න එකට සල්ලි ටිකක් යන එක වැරදිද? සමහරු කියනවා පරිසරේ වනසනවා කියල. මමනම් කියන්නේ අපේ පැත්තේ හදපු අලුත් උද්‍යානෙ ඇවිදින්න ලස්සන පාරක් හදල තියෙනවා වගේම පාර දෙපැත්තේ කුඹුක්, කොහොඹ, වගේ ගස් හිටවල. මැදින් ගලාගෙන යන දියපාරේ නිල්මානෙල් මල් පිපෙනවා. මෙතන ඇවිදින්න දුවන්න යන මිනිස්සු හින්ද ඒ හරියේ පොඩි පොඩි ව්‍යාපාර කීපයක් අලුතෙන් බිහිවෙලා. ඉතින් මේ කරලා තියෙන්නේ මිනිසුන්ට විස සහිත දෙයක් ද? සමහරු කියනවා කොන්කිරිට් වනාන්තර හදනවා කියල. ළමයිනේ උඹල හුගක් එවුන් කොන්කිරිට් වනාන්තර දැකල නෑ. මම දෙකක් දැකල තියෙනවා. ලංකාවත් හුගාක් දියුණු උනොත් තව කාලෙකින් කොන්කිරිට් වනාන්තර තියේවි. හැබැයි තව හුග කාලෙකින්. වැඩ ටික ලස්සනට කෙරෙනකොට හුඹස් බය ඇති කරගන්න එපා. ඔය කොන්කිරිට් වනාන්තර හැදෙන්න තරම් තවම ලංකාව දියුණු වෙලා නෑ. (ගූග්ලේ එකේ නිව් යෝර්ක්, ටෝකියෝ,බිජිං,සිංගප්පුරුව, මැලේසියාව,ඩුබායි,සිඩ්නි නගර ගැන හොයල බලන්න)
නගරේ ලස්සනට තියෙන එකත් වැරද්දක් ද? දැන් මම කියන්නම් ඇත්තම හේතුව ඔහොම හිතෙන්න. හුගක් අයට හරි වැඩේ කෙරුණත් තමන්ගේ දේශපාලන පක්ෂෙන් නෙවේ හින්ද හුගක් හිතට අමාරුයි. මෙහෙම හිතල බෑ රට හදන්න. හැමෝගේම හිතන,පතන විදිත් ටිකක් වෙනස් වෙන්න ඕන.

Sunday, July 28, 2013

පක්ෂෙට පෙර රට, බඩටපෙර රට.

මේ දවස්වල හුගක් අපේ ඇත්තෝ හරිම හිත වේදනාවෙන් කතාකරනවා අපේ ආමි එකේ කොල්ලෝ කට්ටිය මැදිහත් වෙලා කරගෙන යන සංවර්ධන මෙහෙයුම ගැන. සමහර උදවිය සතුටට පත්වෙනවා, "මේ අපේ රටනේ දියුණු වෙන්නේ" කියල. ඒත් එක්කම තවත් කට්ටියකට දේශපාලන උස්නයක් එක්ක හරිම ව්‍යාජ ආදරයකුත් ඇති වෙලා අපේ හමුදා කොල්ලෝ ගැන. සමහරු කටපුරා කියනවා ජාතිය බේරගත්ත එවුන් දැන් පාරවල් අතුගාන්න දමලා කියල. හැබැයි එක හමුදා සෙබලෙකුවත් තමන් මේ කරන කාරිය ගැන ලැජ්ජාවකින් අපිත් එක්ක කතා කරලා නෑ. අපේ කොල්ලෝ ගැන දැන් කිබුල් කදුළු වගුරුවන හුගක් අය දැනට වසර කිපයකට පෙර තිබුන උතුර මුදාගැනීමේ මානුෂික, ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම ගැනත් ලස්සන කතා කිව්වා. ඒ හුගක් කතා ඔය කට කැඩිච්ච කතා කියන අයගේ කටින් පිටවුනු වදන්. නැත්නම් පක්ෂේ පාට හමුදාවේ සෙබළු හෙලපු ලේ වල පාටට වඩා වටිනාකමකින් කියපු දුදන වදන්. මතකද ඒ දවස් වල අපේ එවුන් කොටින්ට පන්න පන්න ගහල වතුර වේල්ලෙන් ජල ගඟ නිදහස් කරලා උතුරට කොටියව හඹා යනමොහොතේ කියපුව? ආමි එක කිලිනොච්චි නෙවේ මැදවච්චි ගියේ කිව්වා, ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කිව්වා, කොටි පරාජය තාවකාලිකයි කිව්වා, කොටි පරද්දන්න බෑ කිව්වා, රජය සමග හමුදාව අසරණ මිනිස්සුන් මරනවා කිව්වා. මෙව්වා කියපු එවුන් අද බොරු කිබුල් කදුළු හලනවා. යකෝ උන් විතරයි එක වචනයක් කතා නැතිව මේ රටේ තමන්ගේ වැඩේ අකුරටම කලේ, කරන්නේ. රටක් ඉස්සරහට යනකොට පක්ෂේ පාටට ලේ අටමස් කකියනවානම් තමුන්නහල ආදරේ රටට නෙවේ පක්ෂෙට. හැබැයි මේකයි වැඩේ පක්ෂේ තියෙන්නෙත් පයගහල ඉන්න රටක් තිබුනොත් තමා. ආමි කොල්ලෝ යුද්දේ ඉවරකරලා දෙය්යනේ කියල නිදහසේ සන්වර්දේනෙට පුළුවන් පුළුවන් විදියට කරගහනවා. දැන් ආමි එක ඔය වැඩ කරන එක නම්බු නැත්නම් තමුන්නහල කියන්නේ තව යුද්දයක් කරමු කියලද? මේවා වැරදි මිනිසුන්ගේ වැරදි කතා.

Saturday, July 27, 2013

මම පියාමැස්සන් නොදකිමි

රටක ජාතියක් යන්න රැක ගත හැකිද? පිලිතුරනම් පුලුවනි යන්නයි. කෙසේද? රටට ආදරය කරන මිනිසුන් නිරායාසයෙන්ම රට ජාතිය රැකගනී.
පියාඹන මාළු චිත්‍රපටිය ගැන ෆේස් බුක් එකේ ගිය ෆොටෝ එකකට මමත් කොමෙන්ට් එකක් දැම්ම. මම කිව්වේ රටට අවැඩක් වෙනවනම් චිත්තරපටිය පෙන්වීම නොපෙන්වීම ගැන දෙවරක් හිතා බලන එක වැදගත් කියල. පස්සේ කව්ද කෙනෙක් කුණුහරුපෙන් බැනල දාපු කොමෙන්ට් එක දැකල මම හිතුව මගේ කොමෙන්ට් එක අයින් කරන්න. ඒ වුනාට අපේ මිනිසුනේ අද චැනල් ෆෝ එක චිත්‍රපටි කියක් හදල තියනවද අපේ රණවිරුවන්ට, අපේ රටට විරුද්දව? ඉතින් විදේශික බලවේග ඔය වගේ වැඩ කරනකොට පොඩි පොඩි සම්මාන කොට කෑලි පතාගෙන අපේ රටේ නමට, අපි ආරස්සා කරපු ඒ රන් වැටට පොඩි හරි පලුද්දක් කරන්න ඕනද? මම අන්තර්ජාලේ කියවපු විදියට ඔය කතාවෙන් අපේ යුද හමුදාවට හීනියට හරි ටොක්කක් වදිනවා. හැබැයි අපේ යුද හමුදාව ඒ ටොක්ක කන්න තරම් දෙයක් කරලනම් නෑ. බොලව් අපි අපේ එවුන්ටම කෙලින්නේ අපිට වටේ රටවලින් කෙලවන කෙලවිල්ල මදි හින්දද? එතකොට යුදහමුදාවේ එවුන්, හමුදාපතිලා, ආරක්ෂක ලේකම්ලා, ජනාදිපති තුමා,අපේ රටේ හැම මිනිහෙක්ම එකතුවෙලා අපේම ඔය බයිස්කෝප් කාරයන්ට වෙදීනොකා ඉන්න, ජෝනිබට්ටෝ කකුලට නොපැගි ඉන්න, ක්ලේමෝ පාරවල් බස් ඇතුලේ නොකා ඉන්න, ට්‍රාන්ෆොර්මෙර් නොපුපුරවන්න පුළුවන් විදියට රට එක්සත් කරපු එකත් වැරදිද? ඔන්න ඕක තමා අපේ වැරැද්ද පිනුම්ගහන කාලේ අවම පිනුම්ගහන තැන හදල දුන්න එවුන් අමතක වෙනවා. ඔය අධ්‍යක්සක ගොයියා ඉන්න පළාතේම අපේ කොල්ලෝ කීදෙනෙක් රට වෙනුවෙන් අන්තිම හුස්ම අරින්න ඇතිද? ඔය චිත්තර පටියෙන් අපිට හානියක් වෙනවා කියන එක හුගක් ය කියල තිබුන. රටේ වගකියයුතු කීපදෙනෙක්ම කියල තිබුන. මිනිසුනේ ඇයි මේ අපේ රට නේද? එකට ඔහොම වස් දොස් වදින වැඩ කරන්න එපා. ඔය තිරිකුනාමලේ පැත්තේ මාළු කොටින්ගෙන් වෙඩිනොකා පියබන්නේ අපේ ආමි එකේ එවුන් මේ රට එක්සත් කරපු හින්ද

Friday, July 26, 2013

නිදහස් සුළඟ

ඉන්දියාව වැනි ජනගහනය වැඩි රටක යෝජනා ක්‍රියාත්මක කිරීම ලාංකිකයන්ගේ ඇඟට හොඳ බව ලියා තිබෙනු බ්ලොග් ලිපියක දුටිමි. ජනබැති කවදත් ලියන්නේ පොඩි පොඩි ලිපි කැබලිය. මොකද ජනබැති බ්ලොග් කලාවට අලුත් කෙනෙක්. ඉන්දියාව ලොකුයි කියල, ඉන්දියාවේ ආමි එක ලොකුයි කියල,ඉන්දියාව අපිට ගසාවි කියල හිතල මේ රටේ දහස් ගණන් යුද වීරයෝ පනදීල අල්ල ගත්ත බිම්කොටස අයෙ දෙන්න පුලුවන්ද? ඉඩම් බලතලේ දෙනකොට ඔය දෙමළ සන්දානේ එවුන් ඉල්ලනේ ඉඩම් නැති එවුන්ට ඉඩම් නෙවේ මිනිසුනේ! මුන් ඉල්ලනේ අපේ අය්යල, මල්ලිලා,තාත්තලා පනදිල අල්ලගත්ත බිම් කොටස අයෙ උන්ටමදිලා හමුදා කඳවුරු උතුරෙන් ඉවත්කරගනිල්ල කියනඑකයි. පොලිස් බලතලවලින් කියවෙන්නේ පොලිසියක් ගැනම නෙවේ. මේ නීති හරහා සමහර අවි බලය නොලබියයුතු අයට නැවතත් අවි ආයුධත් ලැබෙනවා. ඉන්දියවනම් අපේ ලංකාවේ සහයට කවදාවත් හිටියේ නෑ. අද ඔය ඉන්දියාවේ අගමැති ජටා මුත්තා හදන්නේ එකාගේ පාර්ලිමේන්තුවේ බලය අල්ලගන්න අපේ රටේ ඒකීයත්වය කියන නැතිකරලා දාන්න. කලාපීය බලවතා කියල අපිට කෙලවන්න යන්නේ. අපේ මිනිසුනේ උඹල දැක්කද අපේ ආමි එකේ එවුන් ලංකාව එක්සේසත් කරන්න මහා පස්කඳු එහාපැත්තෙ හිටපු පර කොටි හොයාගෙන ගියහැටි. ඒ ගිහින් කීදෙනෙක් මරුන කියලද හිතන්නේ? මමනම් දැක්ක ඔය දැන් සිල් අරන් වගේ ඉන්න දෙමළ ජාතික සන්දානේ එවුන්ගේ වෙබ් කඩමල්ලේ අපේ සමහර අමි එකේ කොල්ලෝ අර මහා පස්කන්දී වල නිසලව අභිතව මරුට මුහුණ දීල තිබුන විදිය ෆොටෝ ගහල දාල තිබුනේ අපේ කොල්ලෝ පසුබසිවී කියල හිතාගෙන. අපේ මිනිස්සුනේ කිලිනොච්චි ආමි එකගියේ විනෝද චාරිකාවක් නෙවේ. අපේ එවුන් 10-15 කණ්ඩායම් ගැහිලා මහා පස්කඳු පිටිපස්සේ මුවාවෙලා හිටපු පර කොටි මැරුවේ මහා ජීවිත පරිත්‍යාග කරලා. 10-15 කොල්ලෝ කීයක් කණ්ඩායම් පිටින්ම ජිවිතේ පුදලද ඔය බිම්කඩ ඇල්ලුවේ? උන් නැත්නම් අද අපිට කොළඹ ඉන්නත් බැහැ. අපිට මේ හම්බවෙලා තියන නිදහස, එක්සත්කම තෑග්ගක් හම්බවෙච්ච එකක් නෙවේ. ජිවිත වලින් ගෙවල ගත්ත මහා රණකාමී, අභීත, වටිනා නිදහසක්.