Sunday, July 28, 2013

පක්ෂෙට පෙර රට, බඩටපෙර රට.

මේ දවස්වල හුගක් අපේ ඇත්තෝ හරිම හිත වේදනාවෙන් කතාකරනවා අපේ ආමි එකේ කොල්ලෝ කට්ටිය මැදිහත් වෙලා කරගෙන යන සංවර්ධන මෙහෙයුම ගැන. සමහර උදවිය සතුටට පත්වෙනවා, "මේ අපේ රටනේ දියුණු වෙන්නේ" කියල. ඒත් එක්කම තවත් කට්ටියකට දේශපාලන උස්නයක් එක්ක හරිම ව්‍යාජ ආදරයකුත් ඇති වෙලා අපේ හමුදා කොල්ලෝ ගැන. සමහරු කටපුරා කියනවා ජාතිය බේරගත්ත එවුන් දැන් පාරවල් අතුගාන්න දමලා කියල. හැබැයි එක හමුදා සෙබලෙකුවත් තමන් මේ කරන කාරිය ගැන ලැජ්ජාවකින් අපිත් එක්ක කතා කරලා නෑ. අපේ කොල්ලෝ ගැන දැන් කිබුල් කදුළු වගුරුවන හුගක් අය දැනට වසර කිපයකට පෙර තිබුන උතුර මුදාගැනීමේ මානුෂික, ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම ගැනත් ලස්සන කතා කිව්වා. ඒ හුගක් කතා ඔය කට කැඩිච්ච කතා කියන අයගේ කටින් පිටවුනු වදන්. නැත්නම් පක්ෂේ පාට හමුදාවේ සෙබළු හෙලපු ලේ වල පාටට වඩා වටිනාකමකින් කියපු දුදන වදන්. මතකද ඒ දවස් වල අපේ එවුන් කොටින්ට පන්න පන්න ගහල වතුර වේල්ලෙන් ජල ගඟ නිදහස් කරලා උතුරට කොටියව හඹා යනමොහොතේ කියපුව? ආමි එක කිලිනොච්චි නෙවේ මැදවච්චි ගියේ කිව්වා, ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කිව්වා, කොටි පරාජය තාවකාලිකයි කිව්වා, කොටි පරද්දන්න බෑ කිව්වා, රජය සමග හමුදාව අසරණ මිනිස්සුන් මරනවා කිව්වා. මෙව්වා කියපු එවුන් අද බොරු කිබුල් කදුළු හලනවා. යකෝ උන් විතරයි එක වචනයක් කතා නැතිව මේ රටේ තමන්ගේ වැඩේ අකුරටම කලේ, කරන්නේ. රටක් ඉස්සරහට යනකොට පක්ෂේ පාටට ලේ අටමස් කකියනවානම් තමුන්නහල ආදරේ රටට නෙවේ පක්ෂෙට. හැබැයි මේකයි වැඩේ පක්ෂේ තියෙන්නෙත් පයගහල ඉන්න රටක් තිබුනොත් තමා. ආමි කොල්ලෝ යුද්දේ ඉවරකරලා දෙය්යනේ කියල නිදහසේ සන්වර්දේනෙට පුළුවන් පුළුවන් විදියට කරගහනවා. දැන් ආමි එක ඔය වැඩ කරන එක නම්බු නැත්නම් තමුන්නහල කියන්නේ තව යුද්දයක් කරමු කියලද? මේවා වැරදි මිනිසුන්ගේ වැරදි කතා.

No comments:

Post a Comment