Thursday, July 25, 2013

ජාතික ශක්තිය

මුලු උදැසන අහසම අඳුරු වලාකුළු වලින් වැසි ගොසින්.
මෙවැනිම මහා අන්ධකාරයක් අප රට වසා ගැනීමට සැරසී සිටි. ඉන්දියානු දේශපාලන හස්තය තමාගේ තුලිතතාවය රැක ගැනීම උදෙසා ලාංකික ඒකීය භාවය සොලවමින් සිටී. සෑම රටක්ම සතුව ඇති වටිනාම දෙය නිදහස හා එකියභාවයයි. නමුත් අද අප රටතුල ක්‍රියාත්මක දෙමළ ජාතිවාදී ව්‍යාපාරය උදුරදැමූ ත්‍රස්තවාදයේ අළු විසුරුවමින් බෙදුම්වාදී යක්ෂයාට යාඥා කරයි. මෙවර දෙමළ ජාතික සන්දානයේ අපේක්ෂකයෙක් (හිටපු නීති විශාරදයෙක්) අද ත්‍රස්තවාදී මළකුණ ඉදිරියට කරගසාගෙන යාමේ කොන්ත්රාත්තුව සියතට ගෙන ඇත.
            තත්වය හමුවේ පක්ෂය හා විපක්ෂය අතර කිසිඳු එකඟතාවයක් නොමැත. මෙවන් අවස්ථාවක විය යුත්තේ රාජ්‍ය නායකයාගේ දෑත ශක්තිමත් කර මිසදුටු බලවේග පරදවහැරිමයි. එවැන්නක් දැකීමට නොහැකි වී ඇත. ඒ වෙනුවට විපක්ෂයෙන් මිසදුටු බලවේග වලට මහත් සහයක් ලැබෙමින් පවතී. තවද සුපුරුදු පරිදි වික්‍රමභාහු, වාසුදේව, හකීම් වැන්නවුන් ආණ්ඩුව තුල කඳ පනුවන් සිටින බව පසක් කරමින් සිටි.
          අප හමුවට අද 13 වැනි ව්‍යවස්ථාව සංශෝදනය, මානව හිමිකම් වෙසින් පැමිණ ඇත්තේ අප රටේම මුල් ගල් සිඳ දැමීමේ ව්‍යපරයන්මය. ප්‍රශ්නයේදී ආණ්ඩුවේ ප්‍රතිරෝදය මදි බව ඉතා පැහැදිලිය. නමුත් විසඳුම ආණ්ඩු බලය විපක්ෂයට හෝ රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් නව නායකයෙක් වෙත පැවරීම යනු අප අපවම රවට ගැනීමකි, අපි අපේම වල කපගැනීමකි. උදාහරණයක් ලෙස පසුගිය දිනක සිරියාවේ සංචාරයක නිරතවුණු ජෝන් මකෙඉන් (ඇමෙරිකාවේ ඔබාමාට විරුද්දව ඡන්ද අපේක්ෂකයකුව සිටි) පැවසුවේ ඇමරිකාව සිරියානු පාලනයට එරෙහිව තදින්ම සටන්කාමීන්ට සහය දිය යුතු බවයි. ජෝන් මකෙඉන් කතා කලේ ඔබාමට විරුද්දව නොවේ. ඔහුගේ අදහස වුනේ ඔබාමා තවත් ශක්තිමත් වියයුතු බවයි. මෙවන් රාජ්‍ය නායකයන් ශක්තිමත් කිරීමේ දේශපාලන ක්‍රියාවලි අපට සදා නුපුරුදු පාඩම් බවට පත්ව ඇත්තේ ඇයි?
 මෙය අප රට, ජාතිය ශක්තිමත්ව සිටිය යුතු අවස්ථාවකි.

No comments:

Post a Comment